2022 වසරේ සිට මේ දක්වා කාලය තුළ විශේෂඥ වෛද්‍යවරුන් හා වෛද්‍යවරුන් 1500 කට අධික පිරිසක් විදෙස් ගත වී ඇති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
එමෙන්ම තවත් 5000 කට අධික පිරිසක් විදෙස් ගත වීමට අවශ්‍ය සුදුසුකම් සපුරා ඇති බවයි එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සදහන් කළේ.
මේ හේතුවෙන් කුඩා රෝහල් 40 කට අධික සංඛ්‍යාවක් වැසී ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් සදහන් කළා.