තවත් වසර 20කින් පමණ මෙරට තුළ විශාල ජල හිගයක් ඇතිවීමේ අවධානමක් පවතින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

දැනට පවතින දේශගුණ විපර්යාස ඊට හේතු වනු ඇති අතර, ඒ සදහා මේ මොහොතේ සිට සුදානම් විය යුතු බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.

නුගේගොඩ අනුලා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයට එක්වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළා.

පවතින අධ්‍යාපන ක්‍රමයේ වෙනස්කම් සිදු නොකර අනාගතයට ගමන් කළ නොහැකි බව ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහීදි සදහන් කළා.

https://www.vnews.lk/storage/2023/08/RANIL-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content