රක්ෂිත බන්ධනාගාරගතව සිටි රත්නපුරයේ විශ්ව බුද්ධා නමැති හිමි නම ඇපමත මුදාහැර තිබෙනවා.

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා මෙම නියෝගය අද(09) නිකුත් කරනු ලැබුවා.

ඒ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප දෙකක් මතයි.

බුදු දහමට අපහාස කිරීමේ චෝදනාව යටතේ විශ්ව බුද්ධා නම් හිමි නම රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

මහේස්ත්‍රාත්වරයා නියෝගය ලබාදෙමින් කියා සිටියේ සැකකරුට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ සම්මුති පනත යටතේ චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවයි.

කෙසේ‌ වෙතත් දණ්ඩ නීති සංග්‍රහයේ 290 වන වගන්තිය යටතේ සැකකරුට ඒරෙහිව විමර්ශනයන් සිදු කිරීමට අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට හැකියාව ඇති බවයි.

පැමිණිල්ල නැවත මාර්තු මස 27 වනදා යළි කැඳවන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.

WhatsApp Group

Skip to content