රජයේ විශ්වවිද්‍යාලවල කටයුතු අද දිනයේ සිට සාමාන්‍ය පරිදි සිදු කිරීමට තම සහයෝගය ලබා දෙන බව විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව පවසනවා .

එහි සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ ලිඛිත එකගතාවයක් මත අනධ්‍යයන කාර්ය මණ්ඩල ආරම්භ කල වර්ජනය නතර කල බවයි .

වී එෆ් එම් ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා .

දින 75 ක් පුරාවට විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුව විසින් මෙම වර්ජනය අඛන්ඩව පවත්වනු ලැබුවා .
විශ්වවිද්‍යාල වෘත්තීය සමිති ඒකාබද්ධ කමිටුවේ සම සභාපති මංගල දබරේරා මහතා පැවසුවේ දින තුනක් ඇතුලත විශ්වවිද්‍යාල පද්ධතිය යලි යථා තත්වයට පත්වනු ඇති බවයි.

WhatsApp Group

Skip to content