2023 වර්ෂයට අදාළ ව විශ්ව විද්‍යාල සඳහා සිසුන් ඇතුළත් කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් වන්නේ 2023 වසරේ උසස් පෙළ ප්‍රතිඵල අනුව විශ්වවිද්‍යාල ප්‍රවේශයට අන්තර්ජාලය මගින් අයදුම් කිරීමට ලබා දී තිබු කාලය හෙටින් අවසන් වන බවයි.

මෙතෙක් එම කටයුතු අවසන් නොකළ සිසුන් අදාළ අයදුම්පත විශ්වවිද්‍යාල කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන UGC වෙබ් අඩවියට පිවිසීමෙන් යොමු කරන ලෙසටයි විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සිහි කැඳවීමක් කර ඇත්තේ.

WhatsApp Group

Skip to content