රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික හමුදා සෙබළුන් සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මෙරට නියෝජිතයින් පිරිසක් රුසියාවේ සංචාරය නිරත වීමට නියමිතයි.

විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසුරිය මහතා සඳහන් කලේ එම ධුත පිරිස ජුනි මස පළමු සතියේදී එම සංචාරයේ නිරත වන බවයි.

රුසියානු – යුක්‍රේන යුද්ධයට සම්බන්ධ වී සිටින විශ්‍රාමික ශ්‍රී ලාංකික හමුදා සෙබළු සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් පසුගියදා විශේෂ දුරකථන අංකයක් ද හඳුන්වා දෙනු ලැබුවා.
අමත්‍යවරයා සඳහන් කලේ එම අංකයට මේ දක්වා පැමිණිලි 455ක් ලැබී ඇති බවයි.

මේ දක්වා ලැබී ඇති තොරතුරු අනුව ශ්‍රී ලාංකිකයින් 16 දෙනෙක් අතුරුදන්වී ඇති බවත් ශ්‍රී ලාංකිකයින් 26 දෙනෙක් නැවතත් මෙරටට ගෙන්වා ගැනීමට හැකියාව ලැබුණු බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලා.

WhatsApp Group

Skip to content