විශ්‍රාමිකයන්ට රුපියල් 3000 ක දීමනාව මේ මස සිට ලබා දීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා .

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ විශ්‍රාම වැටුප් අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු පිරිසක් සමග කළ සාකච්ඡාවේදීයි මෙම දීමනාව ලබා දීමට තීරණය කර තිබෙන්නේ.

ඒ අනුව ඉදිරි කන්නය වෙනුවෙන් ගොවීන් සදහා ලබා දීමට තීරණය කළ පොහොර සහනාධාරය වන රුපියල් 25,000 සහ ධීවරයන්ට ලබා දීමට එකඟ වූ ඉන්ධන සහනාධාරය ලබා දීමට ද මැතිවරණ කොමිසම අනුමැතිය පළ කර තිබෙනවා.

WhatsApp Group

Skip to content