කැබිනට් අනුමැතිය හිමිවූ විශ්‍රාමිකයන්ගේ රුපියල් 3000 ක අන්තර් කාලීන මාසික දීමනාව හිඟ මුදල් ද සමඟ ඔක්තොම්බර් මස විශ්‍රාම වැටුප සමඟ ගෙවන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

මෙම තීරණය ගනු ලැබුවේ පසුගියදා ජනාධිපතිවරයා විසින් කැබිනට් මණ්ඩලයට යෝජනාවක් ලෙස එය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගත් එකඟතාවයක් මතයි.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ ලැබිය යුතු රුපියල් 3000 ක හිඟ මුදල ද සමඟ ඔක්තොම්බර් මාසයේදී විශ්‍රාම වැටුපට රුපියල් 6000 ක් හිමිවනු ඇති බව සදහන්.

WhatsApp Group

Skip to content