විශ්‍රාමිකයින් වෙත ලබාදෙන රුපියල් 3,000ක දීමනාව ලබාදීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර බෙනවා.
මැතිවරණ කාලසීමාව තුළ එය ලබාදීම තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දී තිබියදීයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශ ලේකම්වරයා විසින් අදාළ දීමනාව පිලිබඳ චක්‍රලේඛයක් නිකුත් කර ඇත්තේ.

ඊයේ දිනයේ අදාළ චක්‍රලේඛය අමාත්‍යාංශ ලේකම්වරුන් පළාත් ප්‍රධාන ලේකම්වරුන් සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත නිකුත් කර තිබෙනවා.

ඒ අනුව සැප්තැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ දීමනාව ලබාදෙන ලෙසයි එම චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත්තේ.

රජයේ විශ්‍රාමිකයින් වෙත රුපියල් 3,000ක දීමනාවක් ලබාදීමට රජය විසින් ගෙන ඇති තීරණය ජනාධිපතිවරණය අවසන් වන තෙක් තාවකාලිකව නතර කරන ලෙස මැතිවරණ කොමිෂන් සභාව විසින් පසුගියදා දැනුම් දෙනු ලැබුවා.

කෙසේවෙතත් එම නියෝගය නොතකා අදාළ දීමනාව ලබාදෙන ලෙස චක්‍රලේඛයක් නිකුත් කිරීම මැතිවරණ නීතියට පටහැනි බවයි මැතිවරණ කොමිසම සඳහන් කලේ.

WhatsApp Group

Skip to content