විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වසම් වල ඉඩම් හිමි ජනතාවට නීත්‍යානුකූල බලපත්‍ර බෙදා දීමේ උත්සවයක් ඊයේ (04) ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

කිසිදු නීත්‍යානුකූල ලියවිල්ලක් නොතිබූ මෙම ජනතාවට තාවකාලික පදනමින් මෙම බලපත්‍රය ලබාදුන් අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ‘උරුමය’ ඉඩම් ඔප්පු ලබාදීමේ වැඩසටහනේදී ඉදිරියේදී මෙම ජනතාවට ඉඩමේ හිමිකම සහිත ඔප්පුවක් ලබාදීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මැතිතුමා මෙහිදී අවධාරණය කෙරීය.

WhatsApp Group

Skip to content