අද පෙරවරු 8.30 සිට හෙට පෙරවරු 8.30 දක්වා ඩීන්ස් පාර, කොළඹ රෝහල් චතුරශ්‍රය ඇතුළු අතුරු මාර්ගවල විරෝධතා පාගමන් වළක්වමින් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මාළිගාකන්ද පොලිසිය සිදු කළ ඉල්ලීමකට අනුව මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය මගින් මෙම නියෝගය ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.

රෝහල්වල පවතින ඖෂධ හිඟය මෙන්ම තවත් කාරණා රැසක් මුල් කරගනමින් සෞඛ්‍ය වෘත්තියවේදීන් විවිධ විරෝධතා මෙම දිනවල සංවිධානය කිරීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බවයි අප වාර්තාකරු පැවසුවේ.

WhatsApp Group

Skip to content