වනාතමුල්ල – සහස්පුර ප්‍රදේශයේදී විරෝධතා පාගමනක් විසුරුවා හැරීම සඳහා පොලිසිය ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

ඒ, පෙරටුගාමී සමාජවාදී පක්ෂය සංවිධානය කළ විරෝධතාවක් විසුරුවා හැරීමටයි.

මේ අතර කොළඹ ලිප්ටන් වටරවුම හා අවට ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් අද පැවැත්වෙන විරෝධතාවන් සඳහා මාලිගාකන්ද මහේස්ත්‍රාත්වරයා තහනම් ආඥාවක් නිකුත් කර තිබුණා.

අද පෙරවරු 10.30 සිට හෙට පෙරවරු 10.00 දක්වා කාලය තුළ කොළඹ ජාතික රෝහල් චතුරශ්‍රය ඇතුලු ස්ථාන 10 ක් අසල උද්ඝෝෂණ හා පෙළපාලි පැවැත්වීම තහනම් කරමින් වෘත්තිය සමිති හා සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් 9 දෙනෙකුට එරෙහිවයි මෙම තහනම් ආඥාව නිකුත් කර තිබුණේ.

දුමින්ද නාගමුව, රොෂේන් සමීර, ටැම්පිටියේ සුගතානන්ද හිමි, ජගත් ධම්මික මුණසිංහ, තැන්නේ ඥාණානන්ද හිමි, ජේ.බී ගුරුසිංහ, චින්තක රාජපක්ෂ, නයනා රංජනී, නිලාන් ප්‍රනාන්දු, ළහිරු චතුරංග වීරසේකර සහ විදර්ශන කන්නංගර යන පිරිසට මෙලෙස තහනම් නියෝග නිකුත් කර තිබෙනවා.

මරදාන පොලිස් වසමේ බණ්ඩාරනායක ගොඩනැගිල්ල , හදිසි අනතුරු ඒකකය , හදිසි ප්‍රතිකාර ඒකකය, ඇස් රෝහල හා ප්‍රධාන රෝහල් චතුරශ්‍රය, සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට හා ඒ අවට පිහිටා ඇති රෝහල් කටයුතු වලට බාධා වන පරිදි ඩීන්ස් පාර, කිංසි පාර, ජාතික රෝහල් චතුරශ්‍රය අවට ඇති මාර්ග, පදික වේදිකා අවහිර කරමින් උද්ඝෝෂණ හා විරෝධතා පැවැත්වීම තහනම් කරමිනුයි මෙම අධිකරණ ආඥාව නිකුත් කර ඇත්තේ.

 

WhatsApp Group

Skip to content