සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලීසියේ , ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුවයි එම නියෝගය නිකුත් කර ඇත්තේ.

විරෝධතාවය සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිතව තිබු බව පොලීසිය පවසනවා.

ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යංශය ට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත්කර තිබෙනවා.

 

WhatsApp Group

Skip to content