පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ හෙක්ටයාර 6000කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති බව ආපදා කළමණාකාරන මධ්‍යස්ථානය පවසනවා.

වනාන්තර සහ රක්ෂිත ගිනිගැනීම් වැඩි වශයෙන් වාර්තාවන බවයි එම මධ්‍යස්ථානය සදහන් කළේ.

එමෙන්ම නියගය හමුවේ කුඹුරු අක්කර 53 774ක් විනාශ වී තිබෙනවා.

කෘෂිකර්ම අමාත්‍යංශය සදහන් කළේ මේ හේතුවෙන් ගොවී 48 726 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි.

WhatsApp Group

Skip to content