වියලි කාලගුණ තත්ත්වය, තද සුළං සහ වැසි නිසා දිස්ත්‍රික් හතක පවුල් 4,238කට අයත් පුද්ගලයන් 13,298ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
මෙහිදී නිවාස 68කට හානි සිදුව ඇති බවයි එම මාධ්‍යස්ථානය සඳහන් කළේ.
මේ අතර යාපනය, ත්‍රීකුණාමලය සහ කිලිනොච්චිය යන දිස්ත්‍රික්ක වලට වියළි කාලගුණ තතත්වය නිසා බලපෑම් එල්ල වී තිබෙනවා.
එමෙන්ම කෑගල්ල, රත්නපුර, බදුල්ල සහ මන්නාරම් යන දිස්ත්‍රික්ක වල තද වැසි, තද සුළං සහ නාය යෑම් හේතුවෙන් ජනතාව පීඩාවට පත්ව ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කළේ.

WhatsApp Group

Skip to content