මෙම දිනවල දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් පවුල් අසූ එක් දහස් එකසිය හැට දෙකකට අයත් පුද්ගලයින් දෙලක්ෂ අසූ දහස් දෙසිය හතලිස් හතක් පීඩාවට පත්ව තිබෙනවා.

එමෙන්ම දිස්ත්‍රික්ක 18 කට වියළි කාලගුණයෙන් බලපෑම් එල්ල වී ඇති බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම වියළි කාලගුණයත් සමඟ ලිංවලින් ලබා ගන්නා ජලයෙහි බීමට නුසුදුසු තත්ත්වයක් නොමැති බව ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ආර්.එම්.ආර්. රත්නායක මහතා ප්‍රකාශ පවසනවා.

ලිංවලින් ජලය ලබා ගැනීමේදී රස, ගන්ධය මෙන්ම වර්ණයේ වෙනසක් පවතින්නේද යන්න සම්බන්ධයෙන් නියදි ලබාගෙන සිදු කළ පරීක්ෂා කිරීම්වලදි මේ බව අනාවරණය වූ බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම වියළි කාලගුණයත් සම රක්ෂිත ප්‍රදේශවලට ගිනිතැබීම් රැසක් වාර්තා වන බවද පරිසරවේදීන් පවසනවා. මෙහි ප්‍රතිඵලයක් ලෙස රට තුළ නියං තත්ත්වයක් නිර්මාණය වී ඇති බවටයි ඔවුන් චෝදනා කරන්නේ.

ගෙවී ගිය මාස 2 තුළ පමණක් කැලෑ ගිනිතැබීම් 160 ක් පමණ වාර්තා වී ඇති බවට පරිසරවේදීන් පවසනවා. එම සියලු ගිනි ගැනීමක්ම කෘතිමව හටගත් ගිනි බවටයි පරිසරවේදීන් වැඩිදුරටත් අවධාරණය කර සිටියේ.

https://www.vnews.lk/storage/2023/08/NAYANAKA_SAJEEWA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content