ජනාධිපතිවරණය අවසන්වී දින විසි එකක් ඇතුළත සිය මැතිවරණ වියදම් වාර්තා බාර දිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සියළුම අපේක්ෂකයන්ට දැනුම්දී තිබෙනවා.

මැතිවරණ කොමිෂන් සභාව සදහන් කලේ එම තොරතුරු නියමිත කාලයට පෙර ඉදිරිපත් කිරීමට යම් අපේක්ෂකයකු අසමත් වූවහොත් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බවයි.

එමෙන්ම වැරදි තොරතුරු ඉදිරිපත් කිරීම, පමණ ඉක්මවා වියදම් කිරීම සදහාද දැඩි ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.

මෙහිදී යම් අපේක්ෂකයෙකු වරදකරුවෙකු වුවහොත් රුපියල් ලක්ෂයක දඩයක් නියමවීම , ධූරය අහිමිවීම, වසර තුනක් සඳහා ඡන්දය භාවිතා කිරීමේ අයිතිය නැතිවීම හෝ අපේක්ෂකයකු වීමේ අයිතිය අහිමිවීම සිදුවනු ඇති.

එමෙන්ම අපේක්ෂකයින්ට ආධාර කළ පුද්ගලයන් පිළිබඳවද තොරතුරු ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇති බවයි වාර්තා වන්නේ.

WhatsApp Group

Skip to content