පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාට විරුද්ධව අක්‍රීය ගමන් බලපත්‍රයක් භාවිත කළ බවට ආගමන විගමන පනත යටතේ පවරා තිබූ නඩුවෙන් ඔහුව නිදොස් කොට නිදහස් කර තිබෙනවා.

ඒ අද මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි.

2015 වර්ෂයේදී විමල් වීරවංශ මහතා සතුව අක්‍රීය ගමන් බලපත්‍රයක් තිබෙන බවට දත්ත පද්ධතිය පෙන්නුම් කිරීම හේතුවෙන් අදාළ නඩුව ඔහුට පවරනු ලැබුවා.

මේ අනුව දීර්ඝව සිදුකරන ලද විමර්ශනවලින් අනතුරුවයි මන්ත්‍රීවරයා නිදොස් කොට නිදහස් කරනු ලැබුවේ.

WhatsApp Group

Skip to content