පසුගිය දිනවලදී දකුණු පළාතේ වෙඩි තබා සිදු කළ ඝාතන හා අදාළව කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවක් වන බවට අනාවරණය වුවහොත් එම නිලධාරීන්ට එරෙහිව විනයානුකුල පියවර ගන්නා බව පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි.

පොලිස්පතිවරයා පෙරේදා (13) ගාල්ල සහ ඇල්පිටිය පොලිස් කොට්ඨාශවල ජ්‍යෙෂ්ඨ නිලධාරින් හමුවී සාකච්ඡාවක් පවත්වා තිබුණි.

එහිදී පොලිස්පතිවරයා ප්‍රකාශ කළේ පසුගිය දිනවල ඇල්පිටිය, පිටිගල සහ අම්බලන්ගොඩ යන ප්‍රදේශවල සිදුවූ ඝාතන වලට අදාළව සිදු කෙරෙන විමර්ශනවලදී පොලිස් ස්ථානාධිපතිවරුන් ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින්ගේ යම් දුර්වලතාවයක් තිබුණේද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බවයි.

WhatsApp Group

Skip to content