දරුවන් දැනුමෙන් ආකල්පවලින් මෙන්ම කුසලතාවන්ගෙන් සන්නද්ධ කරවීම අධ්‍යාපනයේ පරමාර්ථ බවත් තරඟකාරී පසුබිමක් ගොඩනගා ගනිමින් විභාගවලින් දරුවන් සමත් කරවීම පිණිස පාසල් යැවීම නොකළ යුතු බවත් යෝජිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළින් අවධාරණය කරනු ලබන්නේ ප්‍රායෝගික ක්‍රියාකාරකම් සඳහා දරුවා අත්පත් කරගන්නා කුසලතා මැන බැලීම බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ 2024 වර්ෂයේ පළමු ශ්‍රේණියට පිවිසෙන දරුවන් වෙනුවෙන් ක‍්‍රියාකාරකම් පාදක වාචික ඉංග්‍රීසි (ABOE – Activity Based Oral English) වැඩසටහන පාසල් වෙත හඳුන්වා දීම පිණිස මහරගම ධර්මාශෝක විද්‍යාලයේ ඊයේ (04) පැවති ජාතික වැඩසටහනට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content