විභාග ප්‍රශ්න පත්‍ර සකස් කිරීමේදී අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට අනුව නිර්මාණය කිරීමේ නව ක්‍රමවේදයක් ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව ඉදිරියේදී අනුගමනය කරන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පවසනවා.

විභාග ප්‍රශ්න පත්‍ර පිටවීම යනාදි වංචාවන් අවම කර ගැනීම මෙහි අරමුණ බවයි කොමසාරිස්වරයා සදහන් කළේ.

අර්ධ ස්වයංක්‍රිය ක්‍රමවේදයකට අනුව ප්‍රශ්න පත්‍ර නිර්මාණයේදී පුද්ගල දායකත්වය අවම කර පරිගණකගත ක්‍රමවේදයක් මඟින් ප්‍රශ්න පත්‍ර නිර්මාණය වීම හේතුවෙන් වංචා දූෂණ අවම කර ගැනීමට හැකි වන බවයි අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ.

WhatsApp Group

Skip to content