අ.පො.ස උසස් පෙළ විභාගය අවසන් වනතුරු විභාග මධ්‍යස්ථාන ලෙස ක්‍රියාත්මක වන පාසල්වල, විභාග අපේක්ෂකයින්ට බාධා වන කිසිදු ආකාරයේ ක්‍රියාකාරකමක් සිදු නොකරන ලෙසට විභාග කොමසාරිස් ජනරාල්වරයා ප්‍රකාශ කර තිබෙනවා.

මේ බව දැනුම් දෙමින් විදුහල්පතිවරුන්හට නිවේදනයක් නිකුත් කිරීමටයි විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා විසින් අදාළ පියවර ගෙන ඇත්තේ.

මෙවර අ.පො.ස උසස් පෙළ විභාගය පසුගිය 04 වනදා ආරම්භ වූ අතර එය එළඹෙන 31 වනදා දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2 302කදී පැවැත්වෙනවා.

WhatsApp Group

Skip to content