විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද දිනයේදී විශේෂ නිවේදනයක් නිකුත් කරනු ලැබුවා .

එම නිවේදනය මගින් විපක්ෂනායකවරයා ප්‍රකාශ කර අත්තේ විහාරස්ථාන සහ ආගමික සිද්ධස්ථාන වෙනුවෙන් සහනදායි විදුලි බිලක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවයි.

ඒ සදහා සංස්කෘතික අරමුදලේ දායකත්වය ලබා ගත හැකි බවද විපක්ෂනයකවරයා සිය නිවේදනයේ සදහන් කර තිබෙනවා .

ආගමික සිද්ධස්ථාන මේ අයුරින් පිඩාවට පත් කිරීම සම්බන්ධව බලවත් විරෝධය පළ කරන බව ද අදාළ නිවේදනයේ තවදුරටත් සදහන් .

මේ අතර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යයට අඛණ්ඩව විදුලිය සැපයීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් ලක්ෂයක මුදලක් තැන්පත් කරන ලෙස දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

දළඳා පෙරහැර රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වනු ලබන උත්සවයක් බවත් මින් පෙර කිසිදු අවස්තාවක විදුලිබල මණ්ඩලය මෙවන් ඉල්ලීමක් කර නොමැති බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියා .

https://www.vnews.lk/storage/2023/07/LAKSHAMAN-KIRIELLA-EDIT.mp3?_=1

මෙවර මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය අගෝස්තු මස 17 වන දින සතර මහා දේවාලයන්හි සම්ප්‍රදායික කප් සිටුවීමේ මංගල්‍යයෙන් ආරම්භ වනවා.

 

WhatsApp Group

Skip to content