නිසි කලට මැතිවරණය පැවැත්වීම සදහා මුදල් නිදහස් කර නොදුන්හොත් ජාත්‍යන්තර අධිකරණය ඉදිරියේ මේ පිළිබදව දක්වමින් නීතිමය කටයුතු සිදු කිරීමට විපක්ෂය තීරණය කර තිබෙනවා.

මැතිවරණ කොමසාරිස්වරයා විසින් කතා නායකවරයා වෙත ලිපියක් යොමු කර සිටියද ඒ සදහා වගකිව යුතු පුද්ගලයන්ගෙන් මේ වන තෙක් සාර්ථක පිළිතුරක් නොලැබුණු බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසනවා.

ආර්ථික අර්බුදයෙන් දැඩි ලෙස පීඩාවට පත් වී ඇති පාකිස්ථානය වැනි රටවල් තුළද මැතිවරණය පැවැත්විය යුතු බවට එරට ඉහළම අධිකරණය තීරණයක් ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළා.

නිසි පරිදි කළමනාකරනය කර ගනිමින් කටයුතු කරන්නේ නම් මැතිවරණයක් සදහා මුදල් ලබා ගැනීම එතරම් බරපතල කාරණයක් නොවනු ඇතැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ.

https://www.vnews.lk/storage/2023/03/KIRIELLA-EDIT.mp3?_=1

WhatsApp Group

Skip to content