පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් හෙට දිනයේදී මැතිවරණ කොමිෂන් සභාව හමුවට යාමට තීරණය කර තිබෙනවා. විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් නව දෙනෙකුගේ අත්සනින් යුතුව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා වෙත ලිඛිතව අදාළ හමුවීම පිළිබඳව දැනුම් දී ඇති බව සදහන්.

මාර්තු මස 03 වන දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දුන් නියෝගයට අනුව පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙස මැතිවරණ කොමිෂන් සභාව වෙත දැනුම් දී තිබෙනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විජිත හේරත්, මහාචාර්ය ජී.එල්. පීරිස්, මනෝ ගනේෂන්, රිෂාඩ් බදුර්දීන්, රංජිත් මද්දුමබණ්ඩාර මෙන්ම රවුෆ් හකීම් ශානක්‍යන් රාසමානික්කම්, එම්. ඒ. සුමන්තිරන් සහ දයාසිරි ජයසේකර යන මහත්වරුන් අදාළ ලිපිය සදහා අත්සන් කර ඇති බව සදහන්.

මාර්තු මස 20 වන දිනට පෙර පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස එම මන්ත්‍රීවරුන් මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබෙනවා. ඒ පිළිබඳව සාකච්ඡා කිරීම සදහා හෙට පෙරවරු 9 ට මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත පැමිණෙන බවද අදාළ ලිපිය මගින් දන්වා ඇති බව සදහන්.

 

WhatsApp Group

Skip to content