විපක්ෂය විසින් මැතිවරණයක් පැවැත්විය යුතු බවට කොතෙක් හඬ නැගුවද ඔවුන්ගේ අපේක්ෂාව මැතිවරණයක් නොපැවැත්වීම බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ මැතිවරණයක් පැවැත්විය යුතු නම් අවශ්‍ය වෙලාවට ජනාධිපතිවරයා විසින් එය පවත්වනු ඇති බවයි.

https://www.vnews.lk/storage/2023/08/PIYAL-NISHANTHA-EDIT.mp3?_=1

මේ අතර සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තානයක මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ලබන වසරේදී අනිවාර්යයෙන්ම ජනාධිපතිවරණයක් පැවැත්විය යුතු බවයි.

ඊට ප්‍රථම මෙතක් කල් නොපැවැත්වූ මැතිවරණ පැවැත්වීමට ආණ්ඩුව කටයුතු කලයුතු බවයි ඒ මහතා සඳහන් කලේ.

https://www.vnews.lk/storage/2023/08/THISSA-ATHTHANAYAKA-EDIT-1.mp3?_=2

 

WhatsApp Group

Skip to content