ශ්‍රේෂ්ඨාධිකරණය ඇතුලු උපරිමාධිකරණවල විනිසුරුවරුන්ගේ පුරප්පාඩු ඉහළ යාම සම්බන්ධයෙන් කණගාටුව පළ කරන බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ප්‍රකාශ කරනවා.

එම ගැටලුව තීරණාත්මක අවස්ථාවකට පැමිණ ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය ප්‍රකාශ කළේ.

එය අධිකරණය පද්ධතියේ ක්‍රියාකාරීත්වයට සැළකිය යුතු බාධා එල්ල කරන අතර ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු පසුගියදා විශ්‍රාම යෑමත් සමග ගැටලුව තවත් උග්‍ර වී ඇති බව සඳහන්.

එබැවින් උපරිමාධිකරණවල පුරප්පාඩු හැකි ඉක්මනින් පිරවීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සහ ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි ඔවුන් ඉල්ලා සිටින්නේ.

WhatsApp Group

Skip to content