වාහන ආනයනකරුවන්ගේ සංගමය සහ මුදල් රාජ්ය අමාත්ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා අතර සාකච්ඡාවක් මුදල් අමාත්යාංශයේ දී පැවැත්වුණා.
මෙහි දී අමාත්යවරයා පැවසුවේ රථ වාහන ආනයන සීමා ඉවත් කිරීම සහ ඉන් ඇති විය හැකි බලපෑම පිළිබඳ විශේෂ වාර්තාවක් නුදුරේ දී ම වාහන ආනයනකරුවන් විසින් තමා වෙත ලබා දීමට අපේක්ෂිත බව සහ ආනයන සීමා ලිහිල් කිරීම පිළිබඳ සවිස්තර තොරතුරු ඊට ඇතුළත් වනු ඇති බවයි.
අමාත්යවරයා පෙන්වා දෙන්නේ ආනයන ක්ෂෙත්රයේ ප්රවීණයන් අතින් සැකසෙන මෙම වාර්තාව වාහන ආනයනය යළි ආරම්භ කිරීම කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරනු ඇති බවයි.
සියලු වාහන ආනයනය කිරීම එක් වරම ආරම්භ නොකර කාණ්ඩ කිහිපයක් යටතේ සිදු කිරීම වඩාත් ප්රායෝගික බවයි ආනයනකරුවන් එහි දී කියා සිටියේ.
පොදු ප්රවාහනය සඳහා අවශ්ය වාහන, පාවිච්චි කළ වාහන, පෞද්ගලික වාහන ආදී වශයෙන් කොටසින් කොටස ආනයනය සඳහා අවසර ලබා දීම වඩාත් ප්රායෝගික බව එහි දී අවධාරණය කෙරුණා.
බදු ගෙවීම පිළිබඳ මතුව ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳ ද මෙහි දී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡා කර තිබෙනවා.

WhatsApp Group

Skip to content