මීළඟ පාර්ලිමේන්තුවේ පළමු වසර තුළදීම විධායක ජනපති ක්‍රමය අහෝසි කරන බවට ස්ථිර ලෙසම හා විවෘතව පොරොන්දු වන ලෙසට සියලු අපේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටින බව ප්‍රකට නීතිවේදීන්, විද්වතුන් හා වෘත්තිකයන් විසින් ලිඛිත ආයාචනයක් සිදුකර තිබෙනවා.

එම ප්‍රකාශයේ දක්වා ඇත්තේ මෙම විධායක ජනපති ක්‍රමය ඒකාධිපති ක්‍රමයක් කරා ගමන් කරමින් තිබෙන බව මෑතකාලීන අත්දැකීම් මගින් පැහැදිලි වන බවයි.

ජනාධිපති නීතිඥ ජෙෆ්රි අලගරත්නම්, ආචාර්ය රාධිකා කුමාරස්වාමි, ආචාර්ය තාරා ද මෙල්, ආචාර්ය ඒ.එම්. නවරත්න බණ්ඩාර, බිෂොප් දුලිප් ද චිකේරා යන මහත්ම මහත්මීන් ඇතුළු 82 දෙනෙකු ඊට අත්සන් තබා තිබෙනවා.

ප්‍රකට සංවිධාන සමූහයක් ද ඊට දායක වී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

WhatsApp Group

Skip to content