ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන බව පවසන කිසිදු අපේක්ෂකයෙකු එම ධුරය සතු විධායක බලය අහෝසි කරන බවට මෙතෙක් ප්‍රකාශ ක‍ර නොමැති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

විධායක ජනාධිපති ක්‍රමයේ වාසි මෙන්ම අවාසි පවතින බවත්, ජනාධිපති ධූරය සතු විධායක බලය නිසා ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට මෙන්ම තිස්වසරක යුද්ධය නිමා කිරිමට හැකි වූ බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘What’s New” තරුණ නීති වෘත්තිකයන් සමඟ නීති ප්‍රතිසංස්කරණ පිළිබඳ ජනාධිපති කාර්යාලයේදී පසුගියදා (28) පවැති වැඩමුළුවට එක්වෙමිනි.

WhatsApp Group

Skip to content