වසරේ මේ දක්වා කාලය තුළ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ විශේෂ විමර්ශන අංශයට පැමිණිලි 2,019ක් ලැබී තිබෙනවා.

ඒ අතරින් විමර්ශන කටයුතු සිදුකර පැමිණිලිකරුවන් 669 දෙනෙකු සදහා ඔවුන්ගේ මුදල් ආපසු අයකර දීමට කටයුතු කළ බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය නිවේදනය කළේ.

අදාළ කාලය තුළ නීති විරෝධිව පවත්වාගෙන ගිය විදේශ රැකියා නියෝජිත ආයතන 08ක් කාර්යංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් වැටලීමට ලක්කර තිබෙනවා.

එමෙන්ම වංචනික ක්‍රියාවල නිරතවු විදේශ රැකියා නියෝජිත ආයතන 10ක හිමිකරුවන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

මේ අතර ඊයේ විදේශ සේවා නියුක්ති කාර්යංශයේ පැවති වැඩසටහනකට එක්වෙමින් අමාත්‍ය මනුෂ නානායක්කර මහතා මෙලෙස අදහස් පලකළා.

https://www.vnews.lk/storage/2023/08/MANUSHA-EDIT-1.mp3?_=1

WhatsApp Group

Skip to content