ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය මගින් මහා භාණ්ඩාගාරයට රුපියල් බිලියන 07ක මුදලක් ලබා දී තිබෙනවා.

ඊට අදාළ චෙක්පත කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිරිනැමීම ඊයේ ජනාධිපති කාර්යාලයේදී සිදු කෙරුණා.

රටේ පවතින ආර්ථික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය ලැබු මෙහෙයුම් අතිරිත්තයෙන් මෙම මුදල ලබා දී තිබෙනවා.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය මේ වසරේ ලබා ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ජනාධිපතිවරයා දැනුවත් කිරීම ද මෙහිදී සිදුකෙරුණා.

මෙහිදී අදහස් දැක්වු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ විදේශගත ශ්‍රමිකයින්ගේ ප්‍රේෂණ මෙරටට විදේශ විනිමය ගලා එන ප්‍රධානතම ප්‍රභවයක් බවයි.

WhatsApp Group

Skip to content