විදේශ රැකියා ලබා දෙන බව පවසමින් මුදල් වංචා කළ පුද්ගලයින් 24 දෙනෙකු ගෙවුණු මාස දෙක තුළ අත්අඩංගුවට ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසනවා.

විදේශ සේවා විශේෂ විමර්ශන අංශයට ලැබී ඇති පැමිණිලි මතයි සැකකරැවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මේ වසරේ ජනාවාරි මාසයේ දී සැකකරැවන් 13 දෙනෙකු සහ පෙබරවාරී මාසයේ පුද්ගලයින් 11 දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙනවා.

විදේශ රැකියා කේෂ්ත්‍රයේ නීති විරෝධි කටයුතු වැළැක්වීම සදහා තරාතිරම නොබලා වරදකරැවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවයි විදේශ සේවා නියුක්ති කාර්යංශය සදහන් කළේ.

WhatsApp Group

Skip to content