විදේශ රැකියා ආයතනයක් පවත්වාගෙන යමින් කැනඩාවේ සහ යුරෝපීය රටවල රැකියා ලබාදෙන බවට පවසා රුපියල් ලක්ෂ 2 ක් වංචා කළ පුද්ගලයෙකු බඩල්ගම නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගත් සැකකරු 29 හැවිරිදි සඳලංකා ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවයි පොලිසිය සදහන් කළේ.

පන්නල ප්‍රදේශයේදී ව්‍යාජ රැකියා ආයතනයක් පවත්වාගෙන යනු ලබන මෙම සැකකරු එහිදි විදේශ රැකියා ලබාදෙන බවට පවසා කාන්තාවකගෙන් සහ පිරිමි පුද්ගලයෙකුගෙන් මෙම මුදල් ලබාගෙන ඇති බවද පොලිසිය සදහන් කළා.

WhatsApp Group

Skip to content