විදේශ රටවල රැකියාවල නියැලෙන ශ්‍රමිකයින් හා වෘත්තිකයින්ට කිසියම් අවදානමක් හෝ අකටයුත්තක් වන්නේ නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අනුබද්ධ ආයතන එකවර දැනුවත් කිරීමේ හැකියාව සහිත ඩිජිටල්කරණ ක්‍රියාවලියකට කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී ඇති බවත් නුදුරේදීම එය ආරම්භ කරන අතර එමගින් විදේශ රැකියා ක්ෂේත්‍රය නව ලෝකයට ගැලපෙන පරිදි ඩිජිටල්කරණය කිරීමට මග පෑදෙනු ඇති බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පසුගියදා (23) අවධාරණය කළේය.

විදේශගත ශ්‍රමිකයින් සඳහා දැනටමත් සිය පැමිණිලි සහ ගැටලු දැනුම් දීම සඳහා සේවය කරන රාජ්‍යයේ තානාපති කාර්යාලවල අංක දී තිබෙන නමුත්, තමන් කී ඩිජිටල්කරණ හඳුන්වා දීමත් සමග සමස්ත පද්ධතියම වෙනස් වන බව අමාත්‍යවරයා පැවසුවේ ‘ජයගමු ශ්‍රී ලංකා’ – මාතලේ පැවැති වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් සමග පැවැත්වුණු සාකච්ඡාවකට සහභාගි වෙමිනි.

WhatsApp Group

Skip to content