විදේශ මුදල් රටින් ගෙනයාමට පනවා තිබු සීමා ලිහිල් කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

මාස හයක කාලයක් සදහා අදාළ සීමා ලිහිල් කළ බවයි මහ බැංකුව නිවේදනය කළේ.

එමෙන්ම විශ්‍රාමිකයන්ගේ වර්තන ගණුදෙනු මත පනවා තිබු සීමා ඉවත් කිරීමට ද මහ බැංකුව පියවර ගෙන තිබෙනවා.

ශ්‍රී ලංකාවෙන් පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබුණා.

කෙසේ වෙතත් නව රෙගුලාසි මගින් එය කොළඹ කොටස් හුවමාරුවේ ලැයිස්තුගත සමාගමක අමෙරිකානු ඩොලර් ලක්ෂ 2 දක්වා ආයෝජනය කිරීමට අවසර ලබා දී තිබෙනවා.

 

WhatsApp Group

Skip to content