විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අද දිනයේ වේලාව වෙන්කරගත් අයදුම්කරුවන්ට ඒ සදහා නොපැමිණෙන ලෙස ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා දැනුම් දෙනවා .

නිවේදනයක් නිකුත් කරමින් ඊයේ පස්වරුවේ ඒ මහතා සදහන් කලේ මෙලෙස වෙලාව සහ දිනය වෙන් කර ගත් පුද්ගලයින්ට අදාළ දිනයට පසු දිනයේ පැමිණ සිය විදෙස් ගමන් බලපත්‍රය ලබා ගන්නා ලෙසයි .

එමෙන්ම ඊයේ දිනයේ විදෙස් ගමන් බලපත්‍ර ලබා ගැනීමට නියමිතව තිබු සියලු දෙනාටම අද මධ්‍යහන 12න් පසුව පැමිණිය යුතු බවද ඔහු සදහන් කළා .

එලෙස අද දිනයේ පැමිණීමට හැකියාවක් නොමැති සියලු දෙනාටම ඔවුනගේ විදෙස් ගමන් බල පත්‍රය නිවස වෙත යැවීමට කටයුතු කරන බවයි ඒ මහතා වැඩිදුරටත් පැවසුවේ .

WhatsApp Group

Skip to content