නිල සංචාරයක් සදහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද ඊජිප්තුව බලා පිටත්ව යාමට නියමිතයි.
ඊජිප්තු විදේශ අමාත්‍ය බද්ර් අබ්දලාති මහතාගේ ආරාධනයකට අනුවයි අලි සබ්රි මහතා මෙම සංචාරයට එක්වන්නේ.

මෙම සංචාරය අතරතුර විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා කයිරෝ නුවරදී ඊජිප්තු විදේශ අමාත්‍යවරයා සමග ද්විපාර්ශවික සාකච්ඡා පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා ඊජිප්තුවේ ආයෝජන සහ විදේශ වෙළද අමාත්‍යවරයා හමුවීමට ද නියමිතව තිබෙනවා.

WhatsApp Group

Skip to content