නිල සංචාරයක් සඳහා ජපානයට ගොස් සිටින විදේශ අමාත්‍ය අලි සබි්‍ර මහතා ජපාන විදේශ අමාත්‍ය යොකෝ කමිකාවා මහත්මිය හමු වී තිබෙනවා.

ආර්ථික අර්බුදය සහ ණය ප්‍රතිව්‍යූහගතකරණය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ මෑතකාලිනව ගෙන ඇති උත්සහයන් සම්බන්ධයෙන් ජපාන විදේශ අමාත්‍යවරිය එම අවස්ථාවේදී සිය ප්‍රසංශාව එක් කර ඇති බව සදහන්.

එමෙන්ම ටෝකියෝ හි පැවති මෙම සාකච්ඡාවෙන් අනතුරුව ඒකාබද්ධ මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් ඇය වැඩිදුරටත් කියා සිටියේ දෙරට අතර මානව සම්පත් හුවමාරුව තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට බලාපොරොත්තු වන බවයි

WhatsApp Group

Skip to content