ශ්‍රී ලංකාවට නිරිත දිගින් වූ ගැඹුරු මුහුදේදී විදේශීය යාත්‍රාවකින් එල්ල වූ ප්‍රහරයකින් පසු පිළිස්සුම් තුවාල ලැබූ ධීවරයෙකු, ප්‍රථිකාර සඳහා ගොඩබිමට රැගෙනවිත් තිබෙනවා.

නාවික හමුදාව සඳහන් කළේ, ඔවුන් ගමන් ගත් යාත්‍රාව අදාළ මුහුදු ප්‍රදේශයේදී විදේශීය යාත්‍රාවක ගැටී ඇති බවයි.

පසුව විදේශීය යාත්‍රාවෙන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, සිද්ධියෙන් පිළිස්සුම් තුවාල ලැබූ මෙරට ධීවරයෙකු ගොඩ බිමට රැගෙන ඒමෙන් අනතුරුව වැඩිදුර ප්‍රථිකාර සඳහා කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මෙලෙස තුවාල ලාබා ඇත්තේ පසුගිය 22 වැනිදා මීගමුව ධීවර වරායෙන් මුහුදු ගිය බහුදින ධීවර යාත්‍රාවක සිටි ධීවරයෙක් වන බවයි නාවික හමුදාව සදහන් කළේ.

ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ ධීවරයින් සංඛ්‍යාව 05ක් එම ධීවර යාත්‍රාවේ සිට තිබෙනවා.

WhatsApp Group

Skip to content