රුපියල් තිස් පන් ලක්ෂ අසූ හය දහසක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යාමට තැත් කරමින් සිටියදී ල ඒවා රැගෙන ආ කාන්තාව ද සමග පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඇය පොල්ගහවෙළ ල පොතුහැර ප්‍රදේශයේ පදිංචි 37 හැවිරිදි කාන්තාවකි.

ඇයගේ සැමියා ඩුබායි හි පදිංචි වී සිටින අතර ඇය මීට පෙර වතාවක් ද නීතිවිරෝධී ලෙස දුම්වැටි තොගයක් රැගෙන විත් කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර යමින් සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි.

WhatsApp Group

Skip to content