රුපියල් ලක්ෂ 17 ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක්   නීතිවිරෝධී රැගෙන , ඩුබායි සිට පැමිණි කාන්තාවක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා .
ඇය පුත්තලම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි නිතර , නිතර ගුවන් මගින් භාණ්ඩ රැගෙන විත් ශ්‍රී ලංකාව තුළ  අලෙවි කරන කාන්තාවකි .
  ඇය 09/15 දින රාත්‍රී 10.30 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 647 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා .
ඇය විසින් රැගෙන විත් තිබූ රෙදිපිළි අඩංගු ගමන් මලු කීපයක් තුළ ඩන්හිල් , බෙන්සන් සහ ප්ලැටිනම් යන වර්ග වලට අයත්  දුම්වැටි 17,000 ක් අඩංගු දුම්වැටි කාටූන් 85 ක් සගවා ගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබුණා .
මෙම කාන්තාව සහ දුම්වැටි තොගය අත් අඩංගුවේ තබාගෙන පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිනවා .

WhatsApp Group

Skip to content