ශ්‍රී ලංකා නාවික හමුදාව හා පොලිසීය එක් ව කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ සිදුකල විශේෂ සෝදිසි මෙහෙයුමකදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා විදේශීය දුම්වැටි දෙදහසක් රැගෙන යමින් සිටි පුද්ගලයෙකු (01) නීතියේ රැහැනට හසුකර දීමට කටයුතු කෙරුණාා.

නාවික හමුදාවට ලද තොරතුරකට අනුව, බටහිර නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා රංගල ආයතනය සහ කොළඹ වේල්ලවීදිය පොලීසිය එක්ව, 2023 මැයි මස 31 වන දින රාත්‍රියේ කොළඹ 11 මල්වත්ත පාර ප්‍රදේශයේ විශේෂ ඒකාබද්ධ සෝදිසි මෙහෙයුමක් සිදුකරන අවස්ථාවේ දී මාර්ගයේ ගමන් ගත් සැකකටයුතු පුද්ගලයෙකු පරික්ෂා කිරීමේදී, ඔහු සන්තකයේ තිබී නීති විරෝධී ලෙස අලෙවි කිරීම සඳහා රැගෙන යමින් සිටි විදේශීය දුම්වැටි දෙදහසක්  සමඟ එම සැකකරු (01) මෙලෙස අත්අඩංගුවට ගැනීමට කටයුතු කෙරුණා.

මෙම මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු හතලිස් නවයක් (49) වන මාතර ප්‍රදේශයේ පදිංචිකරුවකු බවට හඳුනාගන්නා ලද අතර, අත්අඩංගුවට ගත් සැකකරු (01) සහ විදේශීය දුම්වැටි දෙදහසක තොගය ඉදිරි නිතීමය කටයුතු සඳහා කොළඹ වේල්ලවීදිය පොලීසිය වෙත භාරදීමට කටයුතු කෙරුණා.

WhatsApp Group

Skip to content