තීරුබදු නොගෙවා මෙරටට ගෙන්වන ලද දුම්වැටි තොගයක් සමග මහා පරිමාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකායේ අනදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති වරුණ ජයසුන්දර මහතාගේ උපදෙස් මත කහවත්ත පොලිස් විශේෂ කාර්ය බලකා කදවුරේ නිලධාරීන් පිරිසක් සිදුකළ වැටලීමකදීයි සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ.

ඔහු සන්තකයේ තිබී නීතිවිරෝධිව මෙරටට ගෙන්වන ලද රුපියල් ලක්ෂ 24ක වටිනාකමින් යුතු විදෙස් දුම්වැටි තොගයක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content