විදේශීය චිත්‍රපට මහජන ප්‍රදර්ශනය සඳහා ඉදිරිපත් කිරිමට නීත්‍යානුකූල බලපත්‍රයක් ලබාගැනීමට අයදුම් කිරීමේ ගාස්තුව අඩු කර තිබෙනවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ ලබන මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ගාස්තු සංශෝධනය සිදුකර ඇති බවයි.

විදේශීය චිත්‍රපටියක් මෙරටදී ප්‍රදර්ශනය කිරීම සඳහා නීත්‍යානුකූල බලපත්‍රයක් ලබා ගැනීමට අයදුම්පත්‍රයක් භාරදීමේදී මීට පෙර රුපියල් 40,000 ක මුදලක් ගාස්තු වශයෙන් අයකරනු ලැබුවා.

කෙසේ වෙතත් නව සංශෝධනයට අනුව එම මුදල රුපියල් 30,000 දක්වා අඩු කර ඇති බවයි ජනමාධ්‍ය අමාත්‍යාංශය සඳහන් කලේ.

මේ අතර ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත සංශෝධනය කිරීමට ද ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

WhatsApp Group

Skip to content