ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය , විදේශීය ගුවන් සේවාවක් වන සිබු පැසිෆික් ගුවන් සේවයේ එයා බස් ඒ.330 ( Air Bus A.330 ) වර්ගයේ ගුවන් යානයක් පූර්ණ නඩත්තු පරීක්ෂාවක් සිදු කර තිබෙනවා.
එය සාර්ථකව නිමාවට පත් කර ඇති බව ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා.
අග්නිදිග ආසියානු කළාපයේ පුළුල් බද සහිත  ගුවන් යානා අලුත්වැඩියා කිරීම , පූර්ණ නඩත්තු කිරීම් සහ ඒවා පරීක්ෂා කර වාර්තා සැපයීම සදහා යුරෝපීය ගුවන් ආරක්ෂක ඒජන්සිය මගින් වරළත් නියෝජිතවරයෙකු ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශය කටයුතු කරමින් සිටිනවා .
 එසේම මෙම වසර තුළ දී සෙරීන් එයාර් ගුවන් සේවයට අයත් එයා බස් ඒ.330 ගුවන් යානා දෙකක් ද මේ ආකාරයට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය විසින් පූර්ණ නඩත්තු කිරීමකට සහ පරීක්ෂා කිරීමකට ලක් කර නිමාවට පත් කර  තිබෙනවා. .
 මෙම ඉංජිනේරු සේවා සැපයීම කටුනායක ගුවන් තොටුපොළ පරිශ්‍රය තුළ දී සහ මාළදිවයින තුළ දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය විසින් සිදු කරමින් සිටිනවා .
 මේ වනවිට ශ්‍රී ලන්කන් ගුවන් සේවා ඉංජිනේරු අංශය වෙත ජාත්‍යන්තර ඉල්ලුමක් සහ කීර්තිනාමයක් හිමි වී ඇති බව  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ආයතනික සන්නිවේදන අංශය ප්‍රකාශ කරනවා.
දකුණු ආසියාව , මැදපෙරදිග , නැගෙනහිර අප්‍රිකාව සහ අග්නිදිග ආසියානු කළාපයේ රටවල් ගනනාවක පවත්වා ගෙන යනු ලබන ගුවන් සේවා , දැනටමත් මෙම සේවා ලබා ගැනීම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ඉංජිනේරු අංශයේ ලියාපදිංචි වී ඇති බව ද තව දුරටත් කියා සිටියා.

WhatsApp Group

Skip to content