මෙම වසරේ පළමු මාස හය තුළ විදේශ යන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් ඇමෙරිකානු ඩොලර් මිලියන 2822 යි දශම 6 ක මුදලක් මෙරටට ඒවා ඇති බව නවතම දත්ත වාර්තා පෙන්වා දී තිබෙනවා .

පසුගිය වසරට සාපේක්ෂව එය සියයට 75 දශම 3 ක වර්ධනයක් බවයි අදාළ වාර්තාවේ දැක්වෙන්නේ .

විදේශයන්හි සේවය කරන ශ්‍රී ලාංකිකයන් පසුගිය වසරේ පළමු මාස හයක කාලය තුළ ඇමෙරිකානු ඩොලර් මිලියන 1609 යි දශම 9 මුදලක් මෙරටට ඒවා තිබුණා .

එමෙන්ම විදෙස් රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් විසින් මෙම වසරේ ජූනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 475 යි දශම 7 ක මුදලක් මෙරටට ඒවා තිබූ අතර එය පසුගිය වසරේ ජූනි මසට සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් .

WhatsApp Group

Skip to content