සංචාරකයින් පිරිසක් රැගත් බස් රථයක් දුම්රියක ගැටීමෙන් අද(29) අලුයම අනතුරක් සිදුව තිබෙනවා.

වස්කඩුව ප්‍රදේශ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයක් ඔස්සේ ගමන් කිරීමේදී මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් සංචාරකයන් දෙදෙනෙකුට සුළු තුවාල ලබා තිබෙනවා.

එසේම දුම්රිය රියැදුරාටද සුළු තුවාල ලබා කළුතර රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පොලිසිය කියා සිටියේ කටුනායක ගුවන් තොටුපොළ දක්වා සංචාරකයින් පිරිසක් ප්‍රවාහනය කරමින් සිටි බස් රථයක් බවයි.

අලුත්ගම සිට හලාවත දක්වා ගමන් කරමින් තිබූ අංක 8304 දරණ බලවේග කට්ටල දුම්රියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.

දිවයිනෙන් පිටත්ව යාමට නියමිතව සිටි සංචාරකයින් පිරිසක් එක් හෝටලයකින් රැගෙන තවත් හෝටලයක සිටින සංචාරකයින් පිරිසක් රැගෙන ඒමට යමින් සිටියදී මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරෙන් බස් රථයේ පිටුපස කොටසට දැඩි හානි සිදුව ඇති අතර දුම්රියටද හානි සිදුව තිබෙනවා.

තුවාල ලැබූ සංචාරකයින් සඳහා සුවසැරිය ගිලන් රථයෙන් ප්‍රතිකාර ලබාදී ඇති අතර අනතුරට පත් දුම්රියේ සිටි මගින් මරදාන බලා ධාවනය වන වෙනත් දුම්රියකින් ඔවුන්ගේ ගමනාන්තය සැලසීමට කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content