විදේශයන් හි සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයන් සදහා විද්්‍යුත් වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීම දීර්ඝ කිරීමේ ගැසට් පත්‍රය අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ, ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවෙන් ලබාදුන් නියෝගයකට අනුවයි.

විදුලි වාහන ආනයනය කිරීම සදහා බලපත්‍ර ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් විගණකාධිපතිවරයා විසින් සිදුකරනු ලබන වෝහාරික විගණනය අවසන් වන තෙක් මෙම අත්හිටුවීම බලපැවැත්වෙන බවයි ක්‍රම සහා විධි පිළිබද කාරක සභාව සදහන් කළේ.

WhatsApp Group

Skip to content