විදෙස් ශ්‍රමිකයින් සදහා විදුලි වාහන ගෙන්වීමට ලබා දී තිබු අවස්ථාව අවභාවිත කර ඇති බව අනාවරණ වී තිබෙනවා.

පාර්ලිමේන්තුවේ ක්‍රම සහ විධි පිළිබද කාරක සභාවේදීයි මේ බව අනාවරණ වී ඇත්තේ.

විදෙස් ශ්‍රමිකයින්ට ලබා දුන් මෙම අවස්ථාව අවභාවිත කරමින් රුපියල් බිලියන 1.2ක ආසන්න වටිනාකමකින් යුතු විදුලි මෝටර් රථ 119ක් ගෙන්වා ඇති බවයි එහිදී හෙළිවී ඇත්තේ.

එම වාහන අතරින් 75ක් ගෙන්වා ඇත්තේ එක් පෞද්ගලික ආයතනයක් විසිනුයි.

වාහන ආනයනයට පෙර ඊට අදාළ බලපත්‍ර අලෙවි කිරීමට ද ජාවාරම්කරුවන් කටයුතු කර තිබෙනවා.

WhatsApp Group

Skip to content